මහ බැංකුව විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉවත් කරයි

    March, 3, 2015

    පුද්ගලික අංශය වෙත ණය ගලා යෑමේ දැකිය හැකි ස්ථාවර වර්ධනය හේතුවෙන් නිත්‍ය තැන්පතු පහසුකම (Special Standing Deposit Facility) වෙත ප්‍රවේශවීම සීමා කිරීම තවදුරටත් අවශ්‍ය නැතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2015 මාර්තු 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 ක විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (Special Standing Deposit Facility Rate) ඉවත් කර තිබේ.

    සියයට 5.00 ක විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (Special Standing Deposit Facility Rate) ඉවත් කිරීම, එක් දින පොලී අනුපාත පොලී අනුපාත කොරිඩෝව තුළ ස්ථායී බවට පත් කිරීමට උපකාරී වනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කර ඇත.

    වෙළඳ පොළ තුළ පැවති ඉහළ අතිරික්ත ද්‍රවශීලතාවය උපයෝගී කොටගෙන අඩු පොලී අනුපාත යටතේ වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රමාණය ඉහළ නංවීමේ අරමුණෙන් 2014 සැප්තැම්බර් මාසයේදී නිත්‍ය තැන්පතු පහසුකම සඳහා විවට වෙළඳ පොළ කටයුතු වලට සහභාගී වන්නන්ගේ ප්‍රවේශවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සීමා කළේය.