January, 22, 2015
මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතට පත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක්ම නව රජය යටතේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු, ළමා,තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
මේ අනුව, මෙවර මහජන උපයෝගීතා කොමිසම (Public Utilities Commission), ණය තොරතුරු කාර්යංශය (Credit Information Bureau), සේවක භාරකාර අරමුදල (Employees Trust Fund), ජාතික රක්ෂණ භාරකාර අරමුදල (National Insurance Trust Fund) අයත් වන්නේද මෙම අමාත්‍යංශය යටතටයි.
මීට අමතරව, විදේශ ණය ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවද (Department of External Resources) මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතේ තිබුණත් නව රජය යටතේ එයද රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයා වන මෙම අමාත්‍යංශය යටතට පත්කර තිබීම කැපී පෙනේ.
මීට අමතරව, ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය (Institute of Policy Studies) තිබෙන්නේද ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු, ළමා,තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේයි.
මෙම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.
Video Story