මහ බැංකුව සැරටම ඩොලර් ගනී

    December, 9, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් වැඩි වශයෙන් ඩොලර් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

    මහ බැංකුව නිකුත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2024 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර්, මිලියන 327 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

    මෙය 2024 අප්‍රේල් මාසයෙන් පසු තනි මාසයක් තුළ මහ බැංකුව සිදුකළ වැඩිම ඩොලර් මිල දී ගැනීම වේ.

    මෙම මිල දී ගැනීමත් සමඟම සමස්තයක් ලෙස 2024 වසරේ ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 2,797.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මෙම වකවානුව තුළ ඩොලර් මිලියන 160.5 ක් පමණක් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට මහ බැංකුව කටයුතු කර ඇති අතර ඒ අනුව ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇති මුළු ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 2,636.9 ක් වේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 දෙසැම්බර් 06 දින වන විට වසර තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 11.5% කින් අතිප්‍රමාණය වී ඇති බවයි.