මහ බැංකුව 2024 දී සැරටම ඩොලර් අරන්

    January, 6, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේ දී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,841 ක් හෙවත් ඩොලර් බිලියන 2.84ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් මිල දී ගෙන ඇති බව නවතම වාර්තා අනාවරණය කරයි.

    එහිදී දී 2024 වසර තුළ දී ඩොලර් මිලියන 3,137.7 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර ඇති අතර ඩොලර් මිලියන 183 ක් අලෙවි කර තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 නොවැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 6.45 ක් බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවන් ඇසුරින් මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.