March, 29, 2016
ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 77,000 ක් ඉක්මවූ ලංසු අනුමත කිරීමට කටයුතු කර තිබේ.
මූලික වශයෙන් මෙම වෙන්දේසිය සඳහා පරිණත කාලසීමා 4 ක් යටතේ රුපියල් මිලියන 10,000 බැගින් රුපියල් මිලියන 40,000 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. මේ සඳහා ලැබුණු මුළු ලංසුවල වටිනාකම රුපියල් මිලියන 142,422 කි.
ලැබුණු ලංසුවලින් රුපියල් මිලියන 77,732 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා ලදී.
Video Story