August, 22, 2024
ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂික ව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ.
මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන බවත්, ලබාගත් මෙම "A" ශ්‍රේණිය මගින් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මානය මගින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ කැපීපෙනෙන කාර්යසාධනය සහ ආර්ථික ස්ථායීතාවය සඳහා ඔහු දැක්වූ කැපවීම අවධාරණය කෙරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් හි ඔක්තෝබර් කලාපයෙන් සහ GFMag.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
Denmark Christian Kettel Thomsen
India Shaktikanta Das
Switzerland Thomas Jordan
Brazil Roberto Campos Neto
Chile Rosanna Costa
Mauritius Harvesh Kumar Seegolam
Morocco Abdellatif Jouahri
South Africa Lesetja Kganyago
Sri Lanka Nandalal Weerasinghe
Vietnam Nguyen Thi Hong
Cambodia Chea Serey
Canada Tiff Macklem
Costa Rica Roger Madrigal Lopez
Dominican Republic Héctor Valdez Albizu
European Union Christine Lagarde
Guatemala Alvaro Gonzalez Ricci
Indonesia Perry Warjiyo
Jamaica Richard Byles
Jordan Adel Al-Sharkas
Mongolia Byadran Lkhagvasuren
Norway Ida Wolden Bache
Peru Julio Velarde Flores
Philippines Eli Remolona
Sweden Erik Thedéen
USA Jerome Hayden Powell