මහ බැංකු අධිපතිට “A” ශ්‍රේණියේ ගෝලීය පිළිගැනීමක්

    August, 29, 2025

    ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2025 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

    මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන අතර, ලබාගත් මෙම "A" ශ්‍රේණිය මගින් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය යලිත් වරක් තහවුරු කර ඇත.

    තව ද ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මානය මගින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ කැපීපෙනෙන කාර්යසාධනය සහ ආර්ථික ස්ථායීතාවය සඳහා ඔහු දැක්වූ කැපවීම අවධාරණය කෙරනු ඇත.

    සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් හි ඔක්තෝබර් කලාපයෙන් සහ GFMag.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

    The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2025 are:

    Denmark - Christian Kettel Thomsen

    United States - Jerome Hayden Powell

    Vietnam - Nguyen Thi Hong

    The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2025 are:

    Chile - Rosanna Costa

    Costa Rica - Roger Madrigal Lopez

    Indonesia - Perry Warjiyo

    Jamaica - Richard Byles

    Kenya  - Kamau Thugge

    Morocco - Abdellatif Jouahri

    Paraguay - Carlos Carvallo Spalding

    Peru - Julio Velarde Flores

    Sri Lanka - Nandalal Weerasinghe

    The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2025 are:

    Cambodia - Chea Serey

    Czech Republic - Aleš Michl

    Dominican Republic - Héctor Valdez Albizu

    Egypt - Hassan Abdalla

    Ethiopia - Mamo Mihretu

    European Union - Christine Lagarde

    Guatemala - Alvaro Gonzalez Ricci

    Mongolia - Byadran Lkhagvasuren

    Philippines - Eli Remolona

    Serbia - Jorgovanka Tabaković

    Singapore - Chia Der Jiun

    South Africa - Lesetja Kganyago

    Taiwan - Yang Chin-long

    Uganda - Michael Atingi-Ego