මහ බැංකු අධිපති පත්කිරීම රවී ගේ ආගමනයෙන් පසු

    July, 1, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා පත්කිරීම, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිර්දේශය පරිදි සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මුදල් අමාත්‍යවරයා මේ වන විට ජපානයේ සංචාරයක නිරත වී සිටින අතර අද දෙරණ කළ විමසීමක දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා කියා සිටියේ ජූලි 04 වන දින ඔහු ලංකාවට පැමිණෙන බවයි. ඒ අනුව මුදල් අමාත්‍යවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම තනතුර පිරවීමට නියමිත බව වාර්තා වේ.

    මහ බැංකු අධිපති ධූරය සඳහා මහාචාර්ය ලලිත් සමරකෝන්, ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ චරිත රත්වත්තේ යන මහත්වරුන්ගේ නම් මේ වන විට නිර්දේශ වී ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මුදල් මණ්ඩල පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ පත්වීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අත්‍යාවශ්‍ය බව පැවසේ.

    Video Story

    Stock Market

    Exchange Rates