මහ බැංකු අධිපති වැඩ කළේ රාජ් රාජරත්නම් ළඟ – රවී කියයි

    August, 10, 2017

    වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, තමන්ට නිදොස් කොට නිදහස් වූ විදේශ විනිමය නඩුවේ චෝදනා ලැබූ රාජ් රාජරත්නම් ලඟ සේවය කළ අයෙකු බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සිය ඉල්ලා අස්වීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සිදුකරමින් කරුණානායක මහතා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් රවී කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.

    “මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු 32 ක් වෙහෙසුණා. පක්ෂය දුෂ්කර කාලයන්වල දී ඒ අභියෝගයවන්ට මුහුණ දුන්නා. මගේ පෞද්ගලික අභිලාෂයන් සියල්ල පක්ෂය වෙනුවෙන් කැපකළා. ඒ නිසා මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා.“

    “විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10 ක් තිස්සේ නඩු ඇහුවා. අන්තිමට මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහ බැංකුවේ අධිපති. මා මේ කරුණ කියන්නේ විපක්ෂයේ දී අපය දේශපාලන පළිගැනීම්වලට ලක්කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලයේ දී දේශපාලනමය වශයෙන් පළි ගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.“