January, 31, 2026
කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් ස්මරණය කිරීමේ අවස්ථාවක් අද (31) පැවැත්විණ.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී මහ බැංකු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහි කරමින් සහ ආබාධිත තත්ත්වයට පත් වූවන්ට සුවය පතමින් "පුනරෝද්ගමනය" ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සහ ආගමික වතාවත් පැවැත්වීම සිදුකෙරණි.
1996 ජනවාරි 31 දින ශ්‍රී ලංකා මහ බැංකුව වෙත එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට සිදුවී අදට තිස්වසරකි.
මෙම ප්‍රහාරයෙන් මහ බැංකු සේවකයින් 41 දෙනෙකු ඇතුළු 91 දෙනෙකුට දිවි අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 1,400 කට අධිකය.
Video Story