January, 2, 2017
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරනු ලබන ප්‍රධාන විනිමය අනුපාත සටහනට 2017 වසරේ සිට චීන මුදල් ඒකකය වන රෙන්මිඹි එක් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අනුව පළමු වරට 2017 විනිමය අනුපාත සටහන අද (02) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ අතර එහිදී චීන රෙන්මිඹි 1 ක් වෙනුවෙන් ගැනුම් මිල රු. 21.07 ක් හා විකුණුම් මිල රු. 22.11 ක් ලෙසින් සටහන් විය.
මේ දක්වා මහ බැංකු ප්‍රධාන විනිමය අනුපාත සටහනට ඇතුළත් වූ මුදල් ඒකක වන එක්සත් ජනපද ඩොලර්, එක්සත් රාජධානියේ පවුම්, යුරෝපා සංගමයේ යූරෝ, ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක්, කැනඩාවේ ඩොලර්, ඕස්ට්‍රේලියාවේ ඩොලර්, සිංගප්පූරුවේ ඩොලර් සහ ජපානයේ යෙන් යන මුදල් ඒකක අටට අමතර අද දින සිට චීණයේ රෙන්මිඹි එක් වී ඇත.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනයි.
Video Story