October, 7, 2024
2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 5,992 ක් බව වාර්තා වේ.
මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 5,959 ක් වූ සංචිත ප්‍රමාණය හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි.
මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ද 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,947 ක් දක්වා 0.5% කින් වර්ධනය වී තිබේ.