December, 6, 2024
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2024 නොවැම්බර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,462 ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2024 ඔක්තෝබර් මස අවසානයේ පැවති ඩොලර් මිලියන 6,472 ක සංචිත වත්කම් ප්රමාණය හා සැසඳීමේ දී 0.2% ක පහළ යාමකි.
මේ අතර නිල සංචිත වත්කම් තුල අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2024 නොවැම්බර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,403 ක් ලෙසින් සටහන් වී ඇත. මෙය 2024 ඔක්තෝබර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 6,388 ක් ලෙසින් සටහන්ව තිබුණි.
Video Story