මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය වෙත ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා දේශීය තරගකාරී ලංසු කැඳවීමේ පටිපාටිය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 10ක් ලැබී තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මීට පෙර පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වන කොටසේ 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ ද්විත්වය ද මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත පිරිනැමීමට තීරණය කර තිබුණි.