November, 6, 2024
රක්වාන‑සූරියකන්ද මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ණය මුදලක් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල මඟින් ලබා දී ඇත.
එම ණය මුදලෙහි ඉතිරි ණය ශේෂය යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම‑දියගම මාර්ගයේ කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 7+000 දක්වා කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසුකරුවන් 08 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.
තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව රක්වාන‑සූරියකන්ද මාර්ග ව්‍යාපෘතියෙහි ඉතිරි ණය ප්‍රතිපාදන යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම-දියගම මාර්ගයේ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 2.44 (වැට් රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story