මාතර CATWALK වෙතින් අදහාගත නොහැකි සමාජ සත්කාරයක්

    November, 25, 2016

    ශ්‍රී ලංකාවේ සමාජ සත්කාරක ඉතිහාසය නව මානයකට රැගෙන යමින් මාතර CATWALK රෙදිපිළි මාළිගය ළමුන් 5 දෙනෙකුට වැඩි අඩු අදායම් ලාභී පවුල් සදහා එම පවුලේ මවගේ බරට නිවසට අවශ්‍ය උපකරණ ඇතුළුව ඇඳුම් පැළදුම් හා වියළි ආහාර ආදියෙන් හිත පිරෙන්න තෑගී ලබාදෙන්නට නොවැම්බර් 26 වනදා කටයුතු සංවිධානය කර ඇත.එයට සමගාමිව මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 40කින් එක් පාසලකින් ළමුන් 5 දෙනකු බැගින් අඩු අදායම් ලාභී පවුල් වල ළමුන් 200 දෙනෙක් සදහා ඇඳුම් පැළඳුම් හා පාසල් උපකරණත්, ඒ ළමුන්ගෙන් අධ්‍යාපනයට විශේෂ දක්‍ෂතා ඇති දරුවන් වෙනුවෙන් උසස් පෙළ අවසන් වනතුරු පුර්ණ ශිෂ්‍යත්වක් ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරේ එපමණක් ද නොව යුද්ධයෙන් ආබාදිත තත්වයට පත් වූ රණ විරුවන්ගේ සුබසාධනය සදහාද මෙම සමාජ සත්කාරයට සමගාමිව වැඩසටහන් රැසක් එදින සිදු කෙරේ.

    CATWALK විලාසිතා මැදුරේ අධිපති එරික් ජානක මහතා අදහස් දක්වමින් "අප ව්‍යාපාර ආරම්භ කලදා පටන් හැකි සෑම අවස්ථාවකදීම සමාජ සත්කාරයන්ට දායකත්වය සැපයුවා. මීට වසර කිහිපයකට පෙර සිට එය ඉතා සංවිධානාත්මකව ජාතික වැදගත්කමකින් යුතු කර්තව්‍යක් හැටියට වසරක් පාසා සිදු කරමින් දේශයේ දුවා දරුවන් වෙනුවෙනුත්, අඩු ආදයම් ලාභී පවුල් වෙනුවෙනුත්, රට ජාතිය වෙනුවෙන් සිය දිවියම කැප කල ආදරණීය ආබාදිත රණ විරුවන් වෙනුවෙනුත් අපගේ යුතුකමක් සේ සලකා අප ආයතනයේ සේවක මණ්ඩලය හා එක්ව "මුදලට එහා ගිය මනුස්සකම " නමින් මෙම සමාජ සත්කාරක වැඩසටහන දියත් කරනු ලබනවා" තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ " මෙහිදී අනිවාර්යෙන් කිවයුතු දෙයක් තිබෙනවා එනම් අප ආයතනයේ ලාබයෙන් කොටසක් මේ වෙනුවෙන් වෙන් කිරීම තුළින් අප ආයතනය හා සම්බන්ද වන පාරිභෝගිකයන් සෑම කෙනෙක්ම මෙම සත්කාරයට දායක වීමයි, එය මහඟු පුණ්‍ය කර්මයක්. අපගේ ව්‍යාපාරය හා එක්වන සියලුදෙනා වෙනුවෙන් මා මෙය අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්නට මොකද ඔවුන් නොමැතිව මේ සා විශාල සත්කාරයක් කරන්නට අවස්ථාව නොලැබෙන නිසා,එමෙන්ම අවසාන වශයෙන් සියළුම ලාංකිකයන්ට ආරාධනා කරනවා නොවැම්බර් 26 වනදා පෙරවරුවේ මාතර කුමාරතුංග මාවතේ පිහිටි CATWALK විලාසිතාමැදුර අසලට එන්න කියල මෙම "තුලා බාර දානය" හා අත්වැල් බැඳ ගන්නට.

    2004 වසරේදී Modern Fashion නමින් ඇඟලුම් ශේෂ්ත්‍රයට අවතීරණය වෙමින් Famous හා Genuine කමිස විලාසිතා වෙළද පොළට හදුන්වා දුන් වසර 12ක පාරිභෝගික විශ්වාසය සමග ශ්‍රී ලාංකාවේ කමිස වෙළඳපොළ තුළ සිය සන්නාමය ස්ථානගතකර ඇත. අනතුරුව මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් 2013 වසරේදී ආරම්භ කරන ලද CATWALK විලාසිතාමැදුර නවීන විලාසිතාවන්ගෙන් හා ගුණාත්මක බවින් යුත්, බාල,තරුණ,මහළු, කාන්තා, පිරිමි ඕනෑම අයෙකුට ඇදුම් පැළඳුම් එකම වහලක්යටින් ලබා ගන්නට අවස්ථාව ඇත.නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මාසය පුරාවට මිලදී ගැනීම් සදහා තෑගි ලබාදීමත්,10% - 50% දක්වා වූ සුපිරි වට්ටම් රැසක්ද ලබාගන්නට මාතර CATWALK විලාසිතාමැදුරට පැමිණෙන සැමට අවස්ථාව උදාකරදී ඇත.