October, 28, 2025
ශ්‍රී ලාංකීය කුළුබඩු හා ආහාර කර්මාන්තයේ සුවිශේෂී සන්නාමයක් වන, මාතර Freelan සමාගමේ නිර්මාතෘ, Freelan Enterprises (Pvt) Ltd හි සභාපති දේශමාන්‍ය, ලංකාපුත්‍ර, විශ්ව කීර්ති ලැනී බී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
1984 වසරේ දී ලැනී බී ගමගේ මහතා සිය බිරිඳ යූ.බී. ජයවතී මහත්මිය සමග එක්ව ගෘහ කර්මාන්තයක් ලෙස ආරම්භ කළ මාතර Freelan කුළුබඩු ව්‍යාපාරය, අද වන විට ඕස්ට්‍රේලියාව, මාලදිවයින, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ග්‍රීසිය, ඩුබායි, හොංකොං ඇතුළු රටවල් ගණනාවකටම සිය නිෂ්පාදිත අපනයනය කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ජයගත් සමාගමකි.
ලැනී බී ගමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරු 3.00ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට නියමිතය.