මානව ප්‍රාග්ධන දර්ශකයේ දකුණු ආසියාවේ මුල්තැන ශ්‍රී ලංකාවට

    June, 29, 2016

    ලෝක ආර්ථික සංසදය (World Economic Forum - WEF) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ගෝලීය මානව ප්‍රාග්ධන දර්ශකය (Human Capital Index) 2016 ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර එහිදී ලොව පුරා රටවල් 130 ක් අතුරින් 50 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

    ගෝලීය මානව ප්‍රාග්ධන දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ මුල් තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි. එහිදී පිළිවෙලින් භූතානය (91), බංග්ලාදේශය (104), ඉන්දියාව (105), නේපාලය (108) හා පාකිස්තානය (118) මෙම වර්ගීකරණයේ පසුවන සෙසු දකුණු ආසියාතික රටවල් වේ.

    මානව ප්‍රාග්ධන දර්ශකයේ පළමු ස්ථාන 5 පිළිවෙලින් පින්ලන්තය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, ජපානය හා නවසීලන්තය වෙත හිමිව ඇත.

    මෙම දර්ශකයේ අවසාන ස්ථාන 5 හිමි රටවල් වනුයේ පිළිවෙලින් මාලි, නයිජීරියා, චැඩ්, යේමන් හා මෞරිටානියා රාජ්‍යයන්ය.