July, 19, 2016
අගෝස්තු 11-12 දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව 2016 (Sri Lanka Human Capital Summit 2016) සඳහා ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත ඇමතිවරයෙකු වන කේ.ටී. රාම රාඕ ප්‍රධාන ආරාධිතයෙකු ලෙසින් එක් වීමට නියමිතය. ඔහු තෙලන්ගනාවේ තොරතුරු තාක්ෂණ, මහනගර පරිපාලන, වානිජ හා කර්මාන්ත ඇමතිවරයා වේ.
දිනේෂ් වීරක්කොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් මෙම සමුළුවේ සමාරම්භක සැසිය සඳහා ප්‍රධාන ආරාධිතයෙකු රාම රාඕ මහතාට මෙලෙසින් ඇරයුම් කොට තිබේ.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක්ව ශ්‍රී ලංකා රජය මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.