July, 7, 2016
තිරසාර සංවර්ධනය සඳහා තමන් දක්වන දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පැළ වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශයේ ආරාධනය පරිදි පැළ සිටුවීමේ සතිය සමග අත්වැල් බැඳ ගනිමින් වාණිජ වනවගා ක්ෂේත්රයේ ප්‍රමුඛත ම සමාගමක්වන සදාහරිත වැවිලි සමාගම එම ව්‍යාපෘතිය සඳහා ඇක්විලාරියා පැළ 100 ක් ප්‍රදානය කළේය. පැළ වගා කිරීමේ කටයුතු දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෝරාගත් ස්ථානවලදී 2016 ජුලි මස 4-8 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
පැළ සිටුවීමේ සතිය නිල වශයෙන් ආරම්භ කරමින් ගැලනිගම අධිවේගී මාර්ග හුවමාරු කාර්යාලයේ දී පළාත් විධායක ඉංජිනේරු කාර්යාලය වෙත එම පැළ ජුලි මස 4 වන දින බෙදා දෙනු ලැබිණි.
"2010 වසරේ පටන් මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රධාන මාර්ග සහ වටරවුම් අවට හරිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මේවන විටත් සුවිශේෂී පියවර රැසක් ගෙන තිබෙනවා. අදවන විට දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස සිත්ගන්නාසුළු හරිත පරිසරයක් නිර්මාණය කිරීමේ අභියෝගය අපට ජය ගැනීමට හැකි වී තිබෙනවා. අපගේ ඉලක්කය වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අධිවේගී මාර්ගය දෙපස භූමිවල පැළ 100,000 ක් සිටුවීමයි." අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බවය. "සදාහරිත වැවිලි සමාගම තුළ අපට හැකි සෑම ආකාරයකින් ම කාබනික විමෝචනය අවම කරමින් පාරිසරික උෂ්ණත්වය පාලනය කිරීමට අප දායකකත්වය ලබා දෙනවා."
ප්‍රති රෝපණයේ ඇති වැදගත්කම පිළිබඳ මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන සහ පාරිසරිකවිද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් සුබසිංහ මහතා තිරසාර සංවර්ධනයක් සඳහා යන ගමනේදී මෙවැනි ව්‍යාපෘතිවල ඇති වැදගත්කම අවධාරණය කළේය.
ගැලනිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්, අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක, සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පාරිසරික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් සුබසිංහ ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම සමාරම්භක උළෙල සඳහා සහභාගී වූහ.