May, 2, 2025
සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇත. ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්ත්වයන් මත පවතින හිතකර ආර්ථික වාතාවරණය හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව වාර්තා කරන ලදී.
නව ඇණවුම් දර්ශකය මාර්තු මාසයේදී වර්ධනය විය. කෙසේ වුවද, දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් කුඩා පරිමාණයේ ව්‍යාපෘති බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
තවද, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනයට සමගාමීව මාසය තුළ තොග මිලදී ගැනුම් දර්ශකය ඉහළ ගියේය. සේවා නියුක්ති දර්ශකය පෙර මාසයට වඩා අඩු වේගයකින් තවදුරටත් පහළ ගියේය.
මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පිළිබඳ දර්ශකය මාර්තු මාසයේදී ද තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.

Video Story