මාර්තු මාසයේ දී කොළඹ උද්ධමනය 2.2% දක්වා ඉහළට

    March, 31, 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ පැවති 0.2% මට්ටමේ සිට 2026 මාර්තු මාසයේ දී 0.7%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ පැවති 2.3% මට්ටමේ සිට 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.