මාලදිවයින් කොටස් විකුණා NDB ඩොලර් මල්ලක් ගෙනේ

    April, 10, 2014

    ජාතික සංවර්ධන බැංකුව සතුව මාලදිවයිනේ මුදල් සමාගමක තිබූ සියයට 35 ක කොටස් ඩොලර් මිලියන 1.1 ක මුදලකට විකුණා දමා තිබේ.

    මේ අනුව, ජාතික සංවර්ධන බැංකුව පවසන්නේ බැංකුව සතුව Maldives Finance leasing company සමාගමේ තිබූ කොටස් 224,875 ක ප්‍රමාණයක් මෙසේ විකුණා දැමූ බවයි.

    මෙම කොටස් මිලදීගෙන තිබෙන්නේ Tree Top Investment නැමති මාලදිවයින් සමාගමකි.