July, 20, 2016
ශ්රී ලංකාවේ ප්රමුඛතම විවිධාංගීකරණය කරනු ලැබූ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී විසින් මාලදිවයිනේ Kudarah Island Resort මිල දී ගෙන තිබේ. මේ සඳහා හේලීස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Luxury Resort (පුද්) සමාගම හරහා සමාගම විසින් ආයෝජනය කර තිබෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23 කි.
Kudarah Island Resort යනු මාලදිවයිනේ South Ari Atoll පිහිටි සුඛෝපභෝගී විලා 51 කින් සමන්විත හෝටල් පරිශ්රයකි.
මේ අතර Amaya Leisure හා Luxury Resort (පුද්) සමාගම අතර කළමනාකරණ ගිවිසුමක් ඇතිකර ගෙන තිබෙන අතර ඒ අනුව මින් ඉදිරියට මාලදිවයිනේ Kudarah Island Resort නිකේතනය Amaya Kudarah Maldives ලෙසින් සන්නාමකරණය කෙරෙනු ඇත.