October, 2, 2015
කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හැත්තෑ පස්වන සංවත්සරය සමරා පැවැත්වෙන ධර්මපාල අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශන සැණකෙළියේ ආරම්භක දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මහා නගර හා බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පලකරන ලදි.
මෙහිදී, අමාත්‍යවරයා පැවසුවේ මහා නගරයක් ලෙස බස්නාහිර ගොඩනගන අභියෝගාත්මක කාර්ය රජය විසින් භාරගෙන තිබෙන බවයි.
මේ අනුව, මාලබේ, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම ඇතුළු ප‍්‍රදේශ ඉදිරි වසර 15 ඇතුළත බත්තරමුල්ල පරිපාලන නගරය කේන්ද්‍ර කොටගෙන තාක්ෂණික නගරයන් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.
Video Story