January, 5, 2026
සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත. Mastercard Payment Gateway Services (MPGS) වේදිකාව හරහා සක්‍රීය කර ඇති මෙම නව DCC සේවාව මගින් ජාත්‍යන්තර බැංකු කාඩ්පත් හිමියන්ට ශ්‍රී ලාංකික වෙළෙන්දන්ගෙන් මාර්ගගත ක්‍රමයට මිලදී ගැනීම් සහ නවාතැන්වල දී තම මව්රටේ මුදල් ඒකකයෙන් ම ගෙවීම් සිදු කිරීමට ඉඩකඩ සලසා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙලෙස මාර්ගගත ගෙවීම් සඳහා මෙම විශේෂාංගය නිර්මාණය කර ඇත්තේ, විදේශීය සංචාරකයින්ට විශ්වාසයෙන් යුතුව වෙන්කරවා ගැනීම් හා ගෙවීම් මාර්ගගතව සිදු කිරීමේ පහසුව සලසා දීමේ හැකියාව දේශීය වෙළෙන්දන්ට ලබා දී ඔවුන්ට තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා යි.
Dynamic Currency Conversion විශේෂාංගය සමඟින් Mastercard Payment Gateway Services සේවාව සක්‍රීය කිරීමෙන් විශේෂයෙන් ම සංචාරක, ආගන්තුක සත්කාර සහ නවාතැන් යන ක්ෂේත්‍රවල දේශීය වෙළෙන්දන්හට ගුවන් ගමන්, නවාතැන්, සහ වෙනත් අදාල සේවාවන් සඳහා වෙන් කරවා ගැනීම් සිදු කරන විට විදේශීය ගනුදෙනුකරුවන්ට වඩාත් විනිවිද පෙනෙන අත්දැකීමක් ලබා දීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම නවතම සන්ධිස්ථානීය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “නිතැතින් ම අපි ඩිජිටල් නව්‍යෝතපාදනයේ ඉදිරියෙන් ම සිටින අතර මෙසේ ශ්‍රී ලංකාවේ පළමු වරට මාර්ගගත ගෙවීම් සඳහා මෙම සේවාව හඳුන්වා දීම මගින් වෙළෙඳාම සහ ජාතික ආර්ථිකය කෙරෙහි අප දක්වන කැපවීම මනාව සනාථ කරයි. මාස්ටර්කාඩ් සමඟ ඇති මෙම සහයෝගීතාවය අපගේ වෙළඳ ගනුදෙනුකරුවන් පිරිසට, තරඟකාරීත්වයේ වාසිය, නව ආදායම් ප්‍රවාහ මෙන් ම ඔවුන් වෙත පැමිණෙන විදේශීය පාරිභෝගිකයින්හට විනිවිදභාවයකින් යුත් ගෝලීය මට්ටමේ ගෙවීම් අත්දැකීමක් ලබා දීමට ද අවස්ථාව උදාකර දෙනු ඇත. තවද මෙම දියත් කිරීම ඩිජිටල් ආකාරයෙන් ලැබෙන විදේශ ආදායම වැඩිපුර ආකර්ෂණය කර ගැනීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ජාතික වශයෙන් දරණ ප්‍රයත්නයට සහය දැක්වීමේ තවත් තීරණාත්මක පියවරක් ද වේ.”
මාස්ටර්කාඩ් හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා මෙසේ පැවසීය: “මෙම සන්ධිස්ථානයට පුරෝගාමී වීම සම්බන්ධයෙන් අපි කොමර්ෂල් බැංකුවට සුබ පතන්නෙමු. DCC විශේෂාංගය හඳුන්වා දීම මගින් ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම වල ඇති හොඳම පිළිවෙත් මෙරටට ගෙන ඒමට හැකිවන අතර ගෙවීම් කිරීමේදී ජාත්‍යන්තර කාඩ්පත් හිමියන්ට තවත් විකල්ප හා විනිවිදභාවය ද ලබා දෙයි. මෙහිදී බැංකුව විසින් ගනුදෙනු අවදානම් කළමනාකරණය ඇතුළු උසස් ගණයේ විශේෂාංග සියල්ල ම භාවිතා කරනු ලබයි. කුඩා ව්‍යාපාරවල සිට ගෙවීම් එකතු කරන්නන් සහ පහසුකම් සපයන්නන් වැනි සංකීර්ණ ව්‍යාපාර ආකෘති දක්වා සියලුම ප්‍රමාණයේ වෙළෙන්දන් සඳහා බහුකාර්ය විසඳුමක් ලෙස MPGS සේවාව කටයුතු කරයි. නූතන වෙළඳපලට අත්‍යවශ්‍ය වූ මෙම විසඳුම යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වී ඇත්තේ FEXCO සහ Euronet වැනි හවුල්කරුවන් සමඟ ඇතිකරගත් අඛණ්ඩ සහයෝගීතාවය සහ තාක්ෂණික ඒකාබද්ධතාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.”
DCC සේවාව අන්තර්ජාල ගෙවීම් සඳහා ද හඳුන්වා දීමෙන් බැංකුව විසින් ශ්‍රී ලාංකික වෙළෙන්දන්ට තම ගනුදෙනුකරුවන්ට ගෝලීය විද්‍යුත් වාණිජමය ප්‍රමිතීන්ට අනුකූල වූ ගෝලීය මට්ටමේ අත්දැකීමක් ලබා දීමේ හැකියාව හිමිකර දී ඇත. තවද එමගින් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ද තම පිරිවැය පිළිබඳව පැහැදිලි අදහසක් ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුන් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව වැඩි පාලනයක් ද ලබා දෙයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා සහ මාස්ටර්කාඩ් හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා.