මාස නවයක් තුළ වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 10ක්

    October, 25, 2022

    2022 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75 % කින්, ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98 දක්වා වැඩි වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් හා රෙදිපිළි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක,  කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යාමයි.

    මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය, 2020 - සැප්තැම්බර් 2022 ඇ.ඩො. මිලියනවලින්

    වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය        (ඇ.ඩො.මි. වලින්)

    වගුව 2: ප්‍රධාන අපනයන ගමනාන්ත 15       (ඇ.ඩො.මි. වලින්)

    වගුව 3: අපනයන කලාප

    සේවා අපනයනය

    2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,455.75 ක් වූ අතර, එය 2021 අනුරූප කාල සීමාවට වඩා 3.8% කින් වැඩි විය.  අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.