October, 3, 2016
2016 වසරේ මුල් මාස 9 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 5.22% කින් පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය 2016 සැප්තැම්බර් 30 වන විට ඒකක 6,534.77 ක් ලෙසින් සටහන් විය.
වසරේ පළමු මාස 09 අවසානයේ දී කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම් සාමාන්‍ය රුපියල් මිලියන 756.3 ක් ලෙසින් සටහන් වී ඇත.
මේ අතර විදෙස් ආයෝජන සලකා බලන කල 2016 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 2.95 ක ශුද්ධ විදෙස් ගලා යාම් ප්‍රමාණයක් වාර්තා වේ.
පළමු මාස 09 අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ, සමස්ත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2,785 ක් ලෙසින් දැක්වෙන අතර වසරක කාලයක් තුළ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි 5.18% ක පහළ යාමක් වාර්තා වී තිබේ.
2016 සැප්තැම්බර් 30 වන දින ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය 13.43 ක් ලෙසත්, මිලපොත් අගයෙහි අනුපාතයක් ලෙස 1.50 ක් ලෙසත් ලාභාංශ ඵලදාව 3.03 ක් ලෙසත් සටහන් වී ඇත.