මාස 20කට පසු කොටස් වෙළෙඳපොළේ අඩුම පිරිවැටුම අදයි

    December, 22, 2015

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ඇල්මැරුණු ස්වභාවය තවත් තීව්‍ර කරමින් 2014 මාර්තු මාසයෙන් පසු වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම අද දිනයේ දී වාර්තා විය. දිනය තුළ පිරිවැටුම රුපියල් මිලියන 263.3 ක් වූ අතර පසුගිය මාස 20 තුළ වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම් අගය ලෙසින් එය වාර්තා වේ.

    දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 27.18 කින් පහළ ගොස් ඒකක 6,854.57 (-0.39) ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 23.05 (-0.64%) කින් පහළ ගොස් ඒකක 3,605.25 ක් ලෙසින් වාර්තා විය.

    දිනය තුළ මිල දර්ශක පහළ යාම කෙරෙහි වැඩි බලපෑමක් කළ සමාගම් කොටස් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. 175.00, -2.8%), නෙස්ලේ ලංකා (රු. 2,100.00, -0.1%), සිලෝන් ටුබැකෝ (රු. 975.00, -0.5%) හා DFCC බැංකුව (රු. 162.50, -1.3% ) දැක්විය හැකිය.

    දිනයේ පිරිවැටුමමෙන් 56% ක් නියෝජනය කරන ලද්දේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 175.00) විසිනි. ඊට කොටස් ලක්ෂ 7 ක් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ලෙසින් ද සටහන් විය. මීට අමතරව කොමර්ෂල් බැංකුව (රුත මිලියන 21), සෙලාන් බැංකුවේ ඡන්ද බලය රහිත කොටස් (රු. මිලියන 7) සහ ඇක්සෙස් ඉංජිනියරිග් (රු. මිලියන 6) දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් විය.