November, 20, 2025
විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් ක්‍රමිකව අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කරමින් පවතී.
ඒ අනුව අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.44 ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල රු. 312.00ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 312 මට්ටමට පැමිණ ඇත්තේ 2024 මාර්තු 07 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය.
අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 308.47 ක් ලෙසින් සටහන්ව ඇති අතර 2024 මාර්තු 05 දිනෙන් පසු ඩොලරය රු. 308 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය.
2025 වසරේ නොවැම්බර් 14 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 4.1%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේ දී කියා සිටියේය.

Video Story