මාස 9ක දී GovPay හරහා රු. මිලියන 400ක ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක්

    October, 21, 2025

    GovPay හරහා මාස 9ක කාල සීමාවක් තුළ රුපියල් මිලියන 400කට ආසන්න ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක් සිදු වී ඇති බව ඩිජිටල් කාර්ය සාධක බලකාය (ප්‍රවාහන, මාහාමාර්ග හා නාගරික සංවර්ධන අධිකාරිය) සභාපති හර්ෂ පුරසිංහ මහතා පවසයි.

    අද (21) දින විකාශය වූ දෙරණ "

    ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ මෙම වසරේ පෙබරවාරි මාසයේ දී GovPay එළිදක්වන විට ආයතන 16ක් පමණක් මෙම ව්‍යාපෘතිය හා සමිබන්ධ වී සිටිය ද, මේ වන විට එම ආයතන ප්‍රමාණය 170ක් දක්වා ඉහළ ගොස් තිබීම සුවිශේෂි කරුණක් බවයි.

    "GovPay අපි එළිදැක්වූයේ පෙබරවාරි මාසයේ. එළිදක්වන මොහොතේ ආයතන 16ක් වගේ ප්‍රමාණයක් එක්ක තමයි අපි එළිදැක්වූයේ. අද වෙනකොට ආයතන 170කට අධික ප්‍රමාණයක් GovPay හරහා සම්බන්ධ වෙලා තියනවා. 170ක් කියන්නේ සුවිශේෂි පිම්මක් පැනලා තියෙන්නේ 16 ඉඳන්. මිලියන 400කට කිට්ටු ප්‍රමාණයක digital payment transaction වෙලා තියනවා GovPay හරහා."