මාළඹේ නව ආපිකෝ සුපර්ස්ටෝර් ශාඛාව විවෘත වෙයි

    March, 24, 2016

    මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ විසින් සිය 18 වන දැවැන්ත සුපිරි වෙළඳ සැල මාලඹේ නගරයේ විවෘත කළ අතර සුවිශාල ඉඩපහසුකම් සහිත මෙම වෙළඳ සැලෙන් භාණ්ඩ 40,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශවාසීන්ට මෙන්ම මෙම අලෙවිසැල දිනකට පසුකර යන දහස් සංඛ්‍යාත ජනතාවකට මිලදීගැනීමේ පහසුකම් සලසා තිබේ.

    අංක 741, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ පිහිටා තිඛෙන මෙම නව ආපිකෝ සුපර්ස්ටෝර් ශාඛාව රිචඩ් පීරිස් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා සහ යද්දෙහිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 14 වන සඳුදා විවෘත කරන ලදී. එළඹෙන සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සමය ආසන්නයේදී විවෘත කෙරුණු මෙම සුපිරි වෙළඳසැල තුළින් අළුත් අවුරුදු සමයේදී ප්‍රදේශවාසීන්ගේ සාප්පු සවාරි අත්දැකීම වඩාත් ආකර්ශනීය එකක් කිරීමට සූදානම් වී සිටී.

    අඩි 17,000 ක ඇතුළත අවකාශයක් තිඛෙන මෙම සුපිරි වෙළඳ සැල සඳහා වාහන 50 කට වැඩි ප්‍රමාණයක් එක්වර නවතා තැබීමේ පහසුකම් තිබේ. එක් ස්ථානයකින් සියළුම මිලදීගැනීමේ අවස්ථාවන් ලබාදීම සඳහා මාලඹේ ආපිකෝ සුපර්ස්ටෝර් ශාඛාව විවිධ වූ නිෂ්පාදන කාණ්ඩ සහ සන්නාම වලින් පුරවා තිඛෙන බව සමාගම පවසයිග

    මෙම අලෙවිසැල තුළ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), නැවුම් ආහාර, ගේ දොර උපකරණ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහභාණ්ඩ යන අංශ මෙන්ම ඔසු සැලක්, ‘Crust Café’ බේකරියක් සහ බිල්පත් ගෙවීමේ පහසුකම් ඇත.

    සමස්තයක් ලෙස ගත්විට නව මාලඹේ සුපිරි වෙළඳ සැල ආපිකෝ අලෙවිසැල් ජාලයේ 59 වන ශාඛාව වන අතර මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර් සහ සුපර්ස්ටෝර් 18 ක්, ප්‍රදර්ශනාගාර 18 ක් සහ ආපිකෝ ඩේලි මිනි සුපිරි වෙළඳ සැල් 23 ක් දිවයින පුරා පිහිටුවා තිබේ. සමාගමේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩල ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුව ද සමගිනි.

    මෙරට සුපිරි වෙළඳසැල් ඉතිහාසය තුළ පළමු වරට තමන්ටම අයත් ටැක්සි සේවාවක් තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් මේ වසරේදී ආරම්භ කරමින් ආපිකෝ සුපිරි වෙළඳ සැල් ජාලය තවත් කඩ ඉමක් පසුකිරීමට සමත් විය.

    (ඉහළ) මාළඹේ නව ආපිකෝ සුපර්ස්ටෝර් ශාඛාව (පහළ) මෙම නව ශාඛාව රිචඩ් පීරිස් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා සහ යද්දෙහිගේ මහත්මිය විසින් විවෘත කරන අයුරු