මැක්ඩොනල්ඩ්ස් නිල වශයෙන් නික්මෙයි

    October, 28, 2024

    McDonald's Corporation සහ International Restaurant Systems (පුද්) සමාගම අතර පැවති මෙරට නිල නියෝජිතත්වය පිළිබඳ එකඟතාවය නිල වශයෙන් අවසන් කර ඇති බව නිවේදනය කර සිටී.

    මෙම සමාගම් දෙක අන්‍යෝන්‍ය වශයෙන් නීතිමය එකඟතාවයකට පැමිණීමෙන් මෙරට නියෝජිතත්වය සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආරවුල් තත්ත්වය පිළිබඳව සමතයකට පැමිණ ඇත.

    ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, McDonald's Corporation සහ International Restaurant Systems යන සමාගම් දෙකම මේ දක්වා මෙරට ජනතාවගෙන් ලද සහාය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර තිබේ.

    McDonald's සමාගම මින් අනතුරුව මෙරට දේශීය ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ආයතනයක් සමඟ සම්බන්ධ වන්නේද නැද්ද පිළිබඳව මෙතෙක් අනාවරණය කර නැත.