November, 24, 2016
ශ්‍රී ලංකාවේ මැණික් නිධි ගවේෂණය හා තක්සේරු කිරීමේ ව්‍යාපෘතිය, 2017 වසරේ සිට 2021 දක්වා කාලපරිච්ඡේදය තුළ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ කැබිනට් තීරණ දැනුම් දීමේ දී රජය මෙලෙස කියා සිටී.
“ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 70% ක පමණ ප්‍රදේශයක මැණික් සම්පත් විසිර පවතින බවට තක්සේරු කර ඇති නමුත් දැනට මැණික් පතල් කැණීම සඳහා භාවිතා කරන්නේ ඉන් 10% කටත් අඩු භූමි ප්‍රමාණයක් පමණි. දැනට හඳුනා නොගත් මැණික් නිධි පවතින ස්ථාන හඳුනාගෙන සිතියම් සහිත විස්තරාත්මක දත්ත ගබඩාවක් හඳුන්වා දීමටත්, පරිසර හිතකාමී ලෙස මැණික් පතල් කැණීමේ කර්මාන්තයක් සඳහා මාර්ගෝපදේශ සැකසීමත් අරමුණු කරගනිමින් ‘ශ්‍රී ලංකාවේ මැණික් නිධි ගවේෂණය හා තක්සේරු කිරීමේ ව්‍යාපෘතිය‘ සැලසුම් කර ඇත.“