August, 19, 2015
ලෝකයේ ලොකුම වාහන ප්රවාහන නෞකාව වන HELIOS HIGHWAY නෞකාව ඊයේ (19) හම්බන්තොට වරායට පැමිණි අතර එමගින් මෝටර් රථ 102 ක් හම්බන්තොට වරායේ ගොඩබා ඇත.
දිගින් මීටර් 299 ක් වන මෙම නෞකාව මගින් බර වාහන ඇතුළු මෝටර් රථ 7715 ක් ප්රවාහනය කිරීමට හැකියාව තිබෙන බව සඳහන්ය.
මෙය පැමිණ තිබෙන්නේ ජපානයේ නගෝයා හා යොකොහාමා වරායන්වල සිට වන අතර ඉතිරි මෝටර් රථ ප්රමාණයද රැගෙන ඊයේ දිනයේදීම ඕමාන් බලා පිටත්ව ගොස් ඇත.
Video Story