August, 20, 2015
ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ නීති වඩාත් හිතවාදී වන්නේ මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයින්ට බව පැවති මහ මැතිවරණය නිරීක්ෂණය කළ නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය (ANFREL) අවධාරණය කරයි.
මෙම සංවිධානය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් කිහිප දෙනෙකු උපුටා දක්වමින් සඳහන් කරන්නේ ගෙවුණු මහ මැතිවරණයේ මිනිත්තු 30 කටත් අඩු කාලයකදී තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු පමණ රුපියල් මිලියන 150 ක් පමණ වියදම් කර තිබෙන බවයි.
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 89,000 ක් වන අතර වසර පහක කාලයක් සඳහා මාසික වැටුප් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 5.3 ක් පමණ උපයා ගැනීමට හැකිවේ.
කෙසේවෙතත්, ලබාගත හැකි වැටුප් ප්‍රමාණයට වඩා සිය ගුණයක් පමණ ඡන්ද සඳහා වියදම් කිරීමට සමහර අපේක්ෂකයින් පෙළඹී සිටීම අවධානයට යොමුකළ යුතු කරුණක් බව සඳහන්ය.
සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මුළු දිස්ත්‍රික්කයෙන්ම මනාප ඡන්ද එකතු කර ගැනීමට අපේක්ෂකයින්ට සිදුවීම නිසා දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට නොහැකි ගෞරවණීය පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද එවැනි උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.
මේ නිසා, ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වන සංශෝධනය වහාම සම්මත කර ගැනීම ඉතාමත් වැදගත් කාරණාවකි.
Video Story