March, 1, 2026
මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් දිගින් දිගටම වසා තැබීම හේතුවෙන්, අද (01) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පහත සඳහන් ශ්‍රීලංකන් ගුවන් ගමන් අවලංගු කර ඇත:
ගුවන් යානා අංකය සහ ගමන් මාර්ගය
UL231 කොළඹ - ඩුබායි
UL232 ඩුබායි - කොළඹ
UL225 කොළඹ - ඩුබායි
UL226 ඩුබායි - කොළඹ
UL217 කොළඹ - දෝහා
UL218 දෝහා - කොළඹ
UL253 කොළඹ - දම්මාම්
UL254 දම්මාම් - කොළඹ
UL265 කොළඹ - රියාද්
UL266 රියාද් - කොළඹ
UL229 කොළඹ - කුවේට්
UL230 කුවේට් - කොළඹ
මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම අවලංගු කිරීම් සම්බන්ධයෙන් අපගේ මගීන් දක්වන ඉවසීම සහ අවබෝධය අපි අවංකවම අගය කරන්නෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න: 1979 (ශ්‍රී ලංකාව තුළ); +94 11 777 1979 (ජාත්‍යන්තර); WhatsApp +94 74 444 1979 (පණිවිඩ සඳහා පමණි); ඔබේ සංචාරක නියෝජිතයා හෝ www.srilankan.com වෙත පිවිසෙන්න.
Video Story