March, 10, 2026
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇත. ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබන මුදල් ප්‍රේෂණ සහ එම කලාපය සමඟ ඇති වානිජ හා අයෝජන සම්බන්ධතා මත රඳා පැවතීම හේතුවෙන් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමට සිදුව ඇත.
එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම, විවිධ ක්ෂේත්රවල ඇතිවන අවදානම් ඇගයීම සහ පවතින තත්ත්වය නිරතුරුව සමාලෝචනය කරමින් ඒ අනුව ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයනේ සහ අදාළ ආයතන ප්‍රධානීන් හා ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ආර්ථික ආවේක්ෂණ කමිටුව පත්කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කරළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story