March, 10, 2026
වසර තුනහමාරකට පසු ඊයේ (09) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා විය.
කෙසේ වෙතත් අද (10) වන විට ලෝක බොර තෙල් මිලෙහි 6% ඉක්ම වූ පහළ යාමක් වාර්තා වී ඇත.
එලෙස තෙල් මිල පහළ යාමට හේතු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට සහ ගෝලීය තෙල් සැපයුම්වලට දිගුකාලීන බාධා ඇතිවීමක් පිළිබඳව කනස්සල්ලත් ඇති කර නොගන්නා ලෙස සිදු කළ ඇති ප්‍රකාශයයි.
ඒ අනුව අද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 6.6%කින් එනම් පෙර දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 6.51කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර් 92.45ක් දක්වා පහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල 6.5% කින් එනම් පෙර දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 6.12 කින් පහළගොස් ඇමරිකානු ඩොලර් 88.65ක් දක්වා පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.