June, 13, 2025
අද (13) ලෝක බොර තෙල් මිලෙහි 7% ඉක්ම වූ වාර්තාගත ඉහළ යාමක් වාර්තා වී ඇත.
ඊට හේතු වී ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාව හමුවේ හට ගෙන ඇති යුධමය තත්ත්වයයි.
මෙම තෙල් මිල ඉහළයාම මාස කිහිපයකට පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි වාර්තා වන්නේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් එනම් ඇමරිකානු ඩොලර් 5.29කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 74.65 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය එය අප්‍රේල් 2වන දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.
මේ අතර WTI බොරතෙල් බැරලයක මිල 7.91% කින් එනම් ඇමරිකානු ඩොලර් 5.38 කින් ඉහළගොස් ඇමරිකානු ඩොලර් 73.42 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය එය පෙබරවාරි 3වන දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.
Video Story