June, 9, 2016
2015 මැයි මාසය හා සැසඳීමේ දී 2016 මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන 10.1% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.
මේ අනුව පසුගිය මැයි මාසය කුළ දී සංචාරකයින් 125,044 ක් මෙරටට පැමිණ තිබෙන අතර 2015 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 113,529 ක් ලෙසින් වාර්තා වේ.
තවද වසරේ පළමු මාස 05 තුළ දී මෙරට සංචාරක ආගමනය 18.4% කින් ඉහළ ගොස් තිබෙන අතර අදාළ වකවානුව තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 846,229 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී 2015 පළමු මාස 05 තුළ ශ්‍රී ලංකායට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වාර්තා වන්නේ 714,584 ක් වශයෙනි.
Video Story