December, 23, 2015
මැලේසියායේ Rayani Air ගුවන් සේවය පසුගිය දා සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙහි විශේෂත්වය වනුයේ මෙම ගුවන් සේවය ශරියා නීතියට අනුකූල වන අයුරින් සිය කටයුතු සිදු කිරීමයි.
මෙම ගුවන් යානා තුළ ලබා දෙන සියලූම අහාර හා පාන සම්පූර්ණයෙන්ම හලාල් ඒවා වේ. එසේම ගුවන් යානා තුළ මත්පැන් ලබා දීම හා මත්පැන් පානය සම්පූර්නයෙන්ම තහනම්ය.
ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සිටින සියලූම මුස්ලිම් සේවිකාවන් හිජාබ් ඇඳුමින් සැරසීම අනිවාර්ය වේ. මුස්ලිම් නොවන කාර්ය මණ්ඩල සේවිකාවන් ද වඩා විනයානුකූල ඇඳුමකින් සැරසී සිටිම ද මෙහිදී අත්‍යවශ්‍ය බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා කියා සිටී.
Video Story