මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදයට කැබිනට් අනුමැතිය

    December, 14, 2016

    බස්නාහිර කලාපීය මහනගර සැලැස්ම යටතේ හොරණ සහ මීරිගම ප්‍රදේශයන්හි මහා පරිමාණ කාර්මික නගර දෙකක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

    හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මත පදනම්ව මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙතින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.