August, 11, 2016
සිල්ලර හා තොග වෙළෙඳාම සඳහා වැට් බදු පැනවීමේ දී ඒ සඳහා තීණය කරන ලද කඩඉම, මිලියනයේ සිට මිලියන දෙක දක්වා ඉහළ දමන ලෙස යෝජනා කරන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
මීට පෙර, වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, සිල්ලර හා තොග වෙළෙඳ ආයතන සඳහා දෛනික පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය ඉක්මවන වෙළෙඳ ආයතන වැට් බදු ගෙවීම සඳහා ඇතුළත් වන බවයි.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය අමුණුගම මහතා කියා සිටියේ කුඩා පරිමාණ ව්‍යාපාර වැට් බදුවලට යටත් වීමෙන් වන බලපෑම ඉවත් කරලීම සඳහා මෙලෙස, වැට් බදු බලපවත්වන මාසික පිරිවැටුම් සීමාව රුපියල් මිලියනයේ සිට මිලියන දෙක දක්වා ඉහළ දමන ලෙස යෝජනා කරන බවයි.