මිලියන 18,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අද

    January, 6, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 18,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (06) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙහිදී පරිණත කාලය දින 91 - මිලියන 4,000 ක්, දින 182 - මිලියන 6,000 ක් සහ දින 364 - මිලියන 8,000 ක් වශයෙන් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ.

    මේ අතර පසුගිය දෙසැම්බර් 30 වැනි පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික ඉහළ ගොස් තිබේ. එහිදී දින 91 – 6.38% සිට 6.45% දක්වා ද, දින 182 – 6.69% සිට 6.83% දක්වා සහ දින 364 - 7.11% සිට 6.45% දක්වා ඉහළ ගොස් තිබිණි.

    මෙම වෙන්දේසිය සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන් හට ලංසු ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් මේ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකිවේ.

    වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයන් පිළිගත හැකි බව මහ බැංකුව වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් නිවේදනය කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates