July, 20, 2016
රුපියල් මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අද දිනයේ දී සිදුකරන බව ශ්රී ලංකා මහ බැංකුවේ, රාජ්ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මෙහිදී දින 91, 182 හා 364 යන කල්පිරීමේ කාලයන්ගෙන් යුතුව පිළිවෙලින් රුපියල් මිලියන 5000, 7500 හා 10000 බැගින් වන බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇත.
රාජ්ය ණය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් මේ සඳහා ලංසු කැඳවන බවයි. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බවත් වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්රමාණයට වඩා වැඩි හෝ අඩු ප්රමාණයන් පිළිගනු ලැබිය හැකි බවත් රාජ්ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.