June, 22, 2016
අද (22) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 23,940 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහිදී දින 91 - රු. මිලියන 12,365 ක් දින 182 - රු. මිලියන 10,415 ක් හා දින 364 - රු. මිලියන 1,160 ක් වශයෙන් ලංසු අනුමත කර තිබේ.
රු. මිලියන 29,000 ක භාණ්ඩාගාර බිල්පත් අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 60,304 ක ලංසු ඒ සඳහා ලැබී තිබිණි.
එක් එක් කාණ්ඩය යටතේ නිකුත් කරන ලද බිල්පත් ප්‍රමාණය හා තීරණය වූ පොළී අනුපාතික පහත පරිදි වේ.
Video Story