November, 23, 2015
හෙට දිනයේ දී රුපියල් මිලියන 25,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. එහිදී දින 182 ක හා දින 364 පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් මිලියන 9,000 හා 16,000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 15,000 ක් වටිනා බිල්පත් ඉදිරිපත් කර තිබුණ ද, මහ බැංකුව ඒවායින් ලංසු භාර ගත්තේ රුපියල් මිලියන 12,429 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකි. පොළී අනුපාතය ස්ථාවරව පවත්වා ගෙන යාමේ තීරණයන් මත මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
ඊට පෙර සතියේ පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 20,000 ක බිල්පත් ඉදිරිපත් කෙරුණ ද, එහිදී භාරගනු ලැබූයේ රුපියල් මිලියන 5,780 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු පමණි.
Video Story