December, 15, 2015
කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත සමාගමක් වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී සමාගම, කොළඹ මහනගර සභා සීමාව තුළ නව ව්‍යාපෘති 7 ක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර සිටී.
මේ සඳහා මිලේනියම් හවුසින් විසින් MC Urban Developers Ltd සහ MC Universal Ltd ලෙස නව සමාගම් දෙකක් සංස්ථාපනය කර තිබේ.
මෙම ව්‍යාපෘතීන් සඳහා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය 10 වෙනි දින ගිවිසුම් අත්සන් කරන ලදී.
මෙකී නිවාස ව්‍යාපෘතීන් එළඹෙන 2016 වසරේ දී ආරම්භ කරන බව සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.
Video Story