April, 23, 2016
සෑම වසරකම අපේ‍්‍රල් 22 වැනිදාට යෙදෙන ලෝක මිහිකත දිනය සැමරීමට ලොවපුරා සිටින දහස් ගණනක ජනතාවක් එකට එක්වෙයි. දේශගුණික විපර්යාසයන්ට විසඳුමක් ලබාදීම, අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කරදීම, තිරසාර හා සෞඛ්‍යසම්පන්න පරිසරයක් නිර්මාණය කරදීම ආදිය අරමුණු කරගත් ලෝක මිහිකත දිනයට සමගාමීව සිදුකෙරෙන සුවිශේෂී ක්‍රියාකාරකම් ගණනාවකට දහස් ගණනක පිරිසක් මෙදිනට දායක වෙයි.
මෙවර මිහිකත දිනයේ සුවිශේෂී අවධානය යොමුව තිබෙන්නේ නව ශාක රෝපණය කිරීම හා ලොවපුරා පවතින වනවගාව ව්‍යාප්ත කිරීමටය. සාමාන්‍යයෙන් සෑම වසරකදීම මිහිමත පවතින බිලියන 15 කට අධික ශාක සංඛ්‍යාවක් විනාශ වී යයි. මෙය සෑම මිනිත්තුවකටම වරක් විනාශ වී යන පාපන්දු ක්‍රීඩා පිටියක ප්‍රමාණය හා සමානය.
2020 වසරේ ලෝක මිහිකත දිනය වන විට නව ශාක රෝපණය කිරීම හා ඊට අනුබල දීම මගින් බිලියන 7.8 ක ශාක ප්‍රමාණයක් වගාකිරීම හා සෑම පුද්ගලයකුටම එක් ශාකයක් යන ගෝලීය ප්රයත්නයට තනි තනි වශයෙන් මෙන්ම ජාතියක් වශයෙන් ද දායක වීමේ අවශ්‍යතාව දැඩිව උද්ගත වී ඇත.
අද දවසේදී රෝපණය කරන කුඩා පැළෑටියක් දැවැන්ත රුකක් ලෙස පරිණත වීමට ගතවන වසර 40 ක කාල පරිච්ඡේදය ඇතුළතදී එමගින් ටොන් ගණනක කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත්කිරීම සිදුවනු ඇත. මෙවැනි ශාකයන් මගින් මිනිස් සිරුරට අහිතකර වන කාබන් ඩයොක්සයිඞ් වායුව ඉවත් කරන අතර මෙම ස්වභාවික ක්‍රියාවලිය මගින් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ප්‍රමාණයක් අඛණ්ඩව වායුගෝලයට සැපයීම සිදුකරයි. ස්වභාවිකව සිදුවෙන මෙම ක්‍රියාවලිය මගින් මිනිස් ජීවිත වල පැවැත්මට සුවිශේෂී පිටුබලයක් අත්කරදෙනු ලබයි.
දේශගුණික විපර්යාස වලට එරෙහිව සටන් කිරීමට මිනිසා සතුව පවතින සුවිශේෂී අවිය වන්නේ ද ශාක හා වනාන්තරය. නිට්ට්රෝජන් ඔක්සයිඞ්, ඇමෝනියා, සල්ෆර් ඩයොක්සයිඞ් හා ඕසෝන් වැනි ¥ෂ්‍ය වායු හා ගන්ධය ශාක වලට උරාගන්නා අතර ශාක වල පවතින පත්‍ර හා පොතු මගින් වාතයේ පවතින අහිතකර වායු අංශූ පෙරීම සිදුකරනු ලබයි.
ශාක රෝපණය මගින් පුද්ගලයින්ට මානසික සහනයක් අත්කරදීම මෙන්ම සමාජයට ද සුවිශේෂී ප්රතිලාභ ගණනාවක් හිමිකරදෙයි. පරිසරයේ පවතින කසළ ප්‍රමාණය අඩුකිරීම, සමාජ ඒකාබද්ධතාව ඇතිවීම මෙහිලා දැක්විය හැකි අනෙකුත් ප්‍රතිලාභය.
ශාක රෝපණය මගින් දිගුකාලීන ආර්ථික ප්රතිලාභ මෙන්ම පාරිසරික තිරසාරත්වය පවත්වාගැනීමට හැකිවීම ද මෙහිලා හිමිවන අමතර වාසියකි.
මිහිකත දිනයේදී බොහෝ ව්‍යාපාර පාරිසරික හා පාරිසරික තිරසාරත්වය හා පදනම් වුණු ගැටළු කෙරෙහි සිය සුවිශේෂී අවධානය යොමුකරයි. තිරසාර වාණිජ වනවගාවේ නියැලෙන මෙරට පුරෝගාමී හා ප්රමුඛ සමාගමක් වන සදාහරිත වැවිලි සමූහයේ විශ්වාසය වන්නේ එළඹෙන සෑම දිනක්ම මිහිකත දිනයකි යන්නයි.
සමාජය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන සමාගමක් ලෙස සදාහරිත වැවිලි සමූහය පරිසරය සුරක්ෂිත කරන අතරතුර ලාභ උපයාදෙන සුරක්ෂිත හා තිරසාර ආයෝජන හා ආදායම් උත්පාදන අවස්ථාව තුළින් එහි පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්වය වර්ධනය කිරීමට දායක වී ඇත.
සදාහරිත වැවිලි සමූහය මගින් සිදුකරන වාණිජ වනවගාවන් මගින් තමන් අවට පවතින පරිසරය සමග සමීපව කටයුතු කිරීමේ අවස්ථාව ප්‍රජාවට හිමිකරදීම හා පරිසරයට නිකුත් වන කාබන් ප්‍රමාණය අවම කිරීමට දෛනික වශයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පෙන්වා දෙයි. සදාහරිත සමූහය හරිත හෙට දවසක් බිහිකිරීමට සිය දායකත්වය ලබාදෙමින් අද වනවිට අක්කර 740 ක භූමිය පුරා තේක්ක ගස් 279402 ක්, අක්කර 402 ක භූමියක් පුරා සුදු හඳුන් ගස් 77184 ක් හා අක්කර 133 ක භූමියක් පුරා අගාවුඞ් ශාක 53200 ක් වගාකර ඇත. තවද ගනුදෙනුකරුවන්ගේ ගෙවතු වගාවන් තුළද අගාවුඞ් ශාක 237466 ක සංඛ්‍යාවක් වගාකිරීමට සදාහරිත සමාගම දායක වී ඇත.
සදාහරිත වැවිලි සමූහය
සදාහරිත වැවිලි සමූහය පරිසර හිතකාමී බව මුසුවූ වනවගා ආයෝජන අවස්ථාවන් මෙරට ප්‍රජාව වෙත හිමිකරදෙන සමාගමකි. තමන්ගේ මෙන්ම සිය ආදරණීයයන්ගේ අනාගත මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන සදාහරිත වැවිලි සමූහය මගින් මෙරට ප්‍රජාවට අත්කරදෙන සුවිශේෂී දිගුකාලීන හා කෙටිකාලීන වනවගා ආයෝජන අවස්ථාවන් හිමිකරගත හැකිය.
සදාහරිත වැවිලි සමූහය මගින් අද වන විට අක්කර 1350 කට අධික වාණිජ වනවගා කළමනාකරණ හා නඩත්තු කටයුතු සිදුකරයි. සදාහරිත වැවිලි සමාගම සතුව වාණිජ වනවගා ක්ෂේත්රයේ වසර 14 කට අධික අත්දැකීම් හා වෘත්තීය නිපුණත්වයෙන් යුතු විශේෂඥයින්ගේ සුවිශේෂී දැනුම සතුය.
- සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිෂ් නවරත්න
Video Story